සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි Featured

    දෙසැම්බර් 10, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (10) දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100කට වඩා තද වැසි ඇති වීමට ද ඉඩ ඇත.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    රත්නපුරයට මහනුවරට නුවරඑළියට මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 05.30 වන විට මි.මී. 89.3ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 16.1ක වර්ෂාපතනයක් කටුනායකින් ද 8.2ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද 4.7ක වර්ෂාපතනයක් යාපනයෙන් ද 10.4ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද 17.4ක වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද 4.9ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.1°C හම්බන්තොට ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.2°C නුවරඑළියෙන් ද මි.මී. 71.1ක උපරිම වර්ෂාපතනය අම්පාර වැව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya