සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායක අගමැති ලෙස පාර්ලිමේන්තුවට එන්නට චන්ද්‍රිකා මැතිනියට කෑදරකමක් - ජයන්ත කැටගොඩ Featured

    දෙසැම්බර් 09, 2014
    විධායක අගමැති ලෙස පාර්ලිමේන්තුවට එන්නට චන්ද්‍රිකා මැතිනියට කෑදරකමක් ඇති වී තිබෙන නිසා ජනතාව මුලාකොට පොදු අපේක්ෂකයෙකු තෝරා ගෙන කටයුතු කරන බවත් නැවත වතාවක් බෝම්බ නොපිපිරෙන ස්ථාවර රටක් ඇති කරන්න ජනපතිට සහය දෙන්න ආණ්ඩුවට එක් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසයි.
     
    ඒ මහතා මේ බව පැවසුවේ අද (09) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
     
    2010 මම පොදු අපේක්ෂකයා වෙලා හිටගත්තේ ත්‍රස්තවාදයට කඩේ ගිය අය එක්ක බව සරත් ෆොන්සේකා මහතා මා සමඟ පැවසුවා. එතුමා නැවත වතාවක් ත්‍රස්තවාදයට සහය දෙන්න හදන කණ්ඩායම එක්ක කටයුතු කරන්න හදනවා. මේ රට අවුරුදු 11ක් අස්ථාවර කළ, ආර්ථික සංවර්ධනය කඩා දාපු චන්ද්‍රිකා මැතිනිය සංක්‍රමණයට අද මේ අය බිල්ලක්  වී ඇති බව ද කැටගොඩ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya