සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට අහිතක් වන මෛත්‍රීපාල දිනවන්න ගත් තීන්දුවට එකඟ විය නොහැකියි Featured

    දෙසැම්බර් 09, 2014
    එජාපය අද ක්‍රියාත්මක කරන්නේ කල්ලියක් නිසා එජාපය අද හිතපු, කල්පනා කළ, අපේක්ෂා කළ අරමුණු කරා නොයන බවත් රටට අහිතක් වන මෛත්‍රීපාල දිනවන්න ගත් තීන්දුවට එකඟ විය නොහැකි බවත් ආණ්ඩුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
     
    විපක්ෂය විසින් පක්ෂ අතර ඇති කර ගන්නා ලද ගිවිසුම් එකිනෙකට වෙනස් වන බවත් එම ගිවිසුම් තුළින් සිදුවන්නේ රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති වන බවත් ඔහු සඳහන් කළේය.   
     
    තිස්ස අත්තනායක මහතා මේ බව පැවසුවේ අද (09) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
     
    මෛත්‍රීපාල ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවට අප තීරණය කරන විට ආණ්ඩුවේ 25ක් මෙයට එක් කර ගන්නා බව සඳහන් කළා. අපේක්ෂකයා තරග කර ජනාධිපති වූ විට රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස විධායක බලතල පැය 24ක් ඇතුළත දෙන බවත් දින 100ක් ඇතුළත කොමිෂන් සභා ගෙනවිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ප්‍රකාශ කළත් ඒ දේ සිදු වේ යැයි විශ්වාස කළ නොහැකියි. ඊයේ (08) වන විට ඔවුන්ගේ බංකොලොත්භාවය දක්නට ලැබුණා. මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් දිනවීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීන්දුවට තදින්ම විරුද්ධ වූ බවත් අද විපක්ෂ නායකවරයා ගන්නා තීන්දු තීරණක්‍රියාත්මක නොවන බවත් අත්තනායක මහතා පැවසීය. 
     
    විපක්ෂයේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ වෙනම කල්ලියක උවමනාවන් නිසා එක්සත් ජාතික පක්ෂය තව තවත් අරාජිත වීමක් සිදු වන බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.
     
     
    අත්තනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ පක්ෂයේ අභ්‍යන්තරයේ සිදුවන ඛේදණිය තත්ත්වය දිහා බැලුහම එය පක්ෂයේ සම්ප්‍රදායට බැහැරව සිදු කරනු ලබන සිදුවීම හේතුවෙන් පාක්ෂිකයින්ට සිදු වනන්නෙ අසාධාරණයක් බවයි.
     
    රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ තීන්දුවට එකගවීමට නොහැකි වීම හේතුවෙන් ආණ්ඩුවට එක්වීම ඉතා අමාරුවෙන් ගනු ලැබු තීරණයක් බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසිය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya