සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දරුණු ම පාවාදීම කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා Featured

    දෙසැම්බර් 09, 2014

    ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දරුණු ම පවාදීම මෛත්‍රීපාල සිරිසේන මහතා කළ බවත් පක්ෂයේ අවුරුදු ගණනක් එකට සිටි කිසිවෙකුටවත් නොකියා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් එළැඹෙන ජනාධිපතිවරණයට යනවා කියන්න සදාචාරයක් තිබුණේ නැති ඔහු පිටුපසින් ඉද පිහියෙන් ඇන්න බවත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවකදීය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ කල්ලිවාදය, අවස්ථාවාදය රජ කරන යුගයක තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීම අගය කළ යුතු බවයි. ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහය දෙන්න කැමැත්ත පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ ඇති බංකොලොත් බව, අසංවර බව, පිළිවෙලක් නැති බව එතුමා දන්නවා. සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අයෝමය ශක්තියක් ලෙස සිටි ජයන්ත කැටගොඩ මහතාත් මේ රට අස්ථාවර කිරීමට විපක්ෂය ගෙන යන වැඩපිළිවෙළට එරෙහි ව මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දක්වන්න එකතුවීම සතුටු බවත් ඔහු කීය.

    එසේම විපක්ෂයේ ඇතැම් අය මේ වන විට රාජපක්ෂ ජනාධිපතිතුමාට සහය පළකිරීමට කැමැත්තෙන් සිටින බවත් එය අගය කළ යුතු කාරණයක් බව ද අමාත්‍යවරයා පැවසීය. එක්සත් ජාතික පක්ෂය තුළ ඇති බිඳවැටීම හා සේදීයාම සංකේතවත් කිරීම තිස්ස අත්තනායක මහතාගේ පැමිණීමෙන් පෙනෙන බවත් මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන ජනතාව කටයුතු කරනු ඇති බව ද ග්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya