සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ආධුනික සෙබළුන්ගේ පාගමනක්

    දෙසැම්බර් 09, 2014
    යුද හමුදා සෙබළුන් සතු ශාරීරික යෝග්‍යතාව, ඉවසීම සහ  අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව මනාව පිළිබිඹු කරමින්  දිවයිනේ පුහුණු පාසල් 20ක පුහුණුව ලබන යුද හමුදා ආධුනික සෙබළුන් හා සෙබළියන් 4,390ගේ සහභාගිත්වයෙන් පෙරේදා (07) කිලෝමීටර් 12 ක දීර්ඝ පාගමනක් පැවැත්විණි.
     
    දියතලාව, බූස්ස, හේනානිගල, සඳුන්පුර, දෙහිඅත්තකණ්ඩිය, පාන්ගොල්ල,  වෙඩිතලතිව්, පනාගොඩ, කරන්දෙණිය, මාබේරිතැන්න, කලත්තෑව, සාලියපුර, ඉපලෝගම, කැකිරාව, මාදුන්ගොඩ, මැදවච්චිය, අඹේපුස්ස යන පුහුණු පාසල්වල ආධුනික සෙබළුන්ගේ සහභාගීත්වයෙන් මේ පාගමන සංවිධානය කර තිබුණි.
     
    මෙම වැඩසටහන මඟින් දියතලාව, ගාල්ල, මහියංගනය, කුරුණෑගල, වව්නියාව, හෝමාගම, අම්බලන්ගොඩ, නුවර, අනුරාධපුර සහ වරකාපොළ ප්‍රදේශයන් මෙහිදී ආවරණය විය. මෙය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කළ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මෙහි ආරම්භක අවස්ථාවට එක් වූහ.
     
    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya