සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියත ජයක සුබ ගමනකට පෙළ ගැසෙමු

    දෙසැම්බර් 08, 2014

    ලබන ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබාදීම අද (08) සිදුවූ අතර එයට සමගාමීව ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු මැතිවරණ නීතිරීතිවලට පූර්ණ අනුකූලතාව දක්වමින් සාමකාමීව රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

    දිනූ නිදහස සුරකිමින් දේශය ඔසවා තැබීම සඳහා ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022කට අයත් ගම්මාන 35,440ක් තුළ දැනටමත් ආරම්භකර ඇති බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කර සිටියි.

     

    තවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ නියත ජය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් ප්‍රධාන රැළි 227ක් සහ ජන හමු 14,587ක්ද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැළි 27ක්ද පැවැත්වීමට එම සන්ධානය කටයුතු යොදා ඇත.

     

    දශක තුනක යුද්ධය නිමා කරමින් ඉකුත් පස් වසරකට වැඩි කාලය තුළ රටේ සිදුවූ ජාතික සංවර්ධනය සහ සහජීවනය අති දැවැන්ත වන අතර එමගින් මව්බිම ලබාගත් දියුණුව අඩාල කිරීම දෙස් විදෙස් බලවේගයන්ගේ කුමන්ත්‍රණයක් වන අතර ඔවුන්ගේ අරමුණ යළි බෙදුම්වාදයට සහ ත්‍රස්තවාදයට පණ දී ශ්‍රී ලංකාවේ දියුණුව කඩාකප්පල් කිරීම වන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය තවදුරටත් පවසයි.

     

    එය පරාජය කර මව්බිම දිනවීම සඳහා ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීම දේශයට ආදරය කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමක් සහ වගකීමක්ද වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya