සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො. ස (සා/පෙළ) විභාගය අද සිට

    දෙසැම්බර් 09, 2014

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (09) ආරම්භ වේ.

    අද පෙරවරු 8.30 සිට 11.30 දක්වා බුද්ධ ධර්මය, ශෛවහෙරී, කතෝලික ධර්මය, ක්‍රිස්තියානි ධර්මය හා ඉස්ලාම් විෂයන්ට අදාළ I හා II ප්‍රශ්නපත්‍ර සඳහා අයදුම්කරුවන් පෙනී සිටීමට නියමිතය.

     

    18 දින දක්වා පැවැත්වෙන විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 577,220ක් වේ. පාසල් අයදුම්කරුවන් 370,739ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 206,481ක් ද විභාගය සඳහා පෙනී සිටිති. යාපනයේ නයිනතිව් (නාගදීපය), ඩෙල්ෆ්, අනලතිව් දූපත් ඇතුළු ව දිවයින පුරා මධ්‍යස්ථාන 4,279ක විභාගය පැවැත්වීමට සියලු කටයතු සූදානම් කර ඇත.

     

    විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 532කි. ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇත.‍


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya