සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ සක්‍රීය ඡන්ද විමසීමේ කාලසීමාව ඇරඹෙයි

    දෙසැම්බර් 08, 2014

    අද (08) සිට 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණය පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන තෙක් කාලය සක්‍රීය ඡන්ද විමසීමේ කාලසීමාව ලෙස සලකන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


    රටේ සාමාන්‍ය නීතියට අනුව ඡන්ද නීතිය බලපවත්වන බවත් ඔහු කීය. අනවශ්‍ය පුවරු ප්‍රදර්ශනය, ස්ටිකර්, ධජ පතාක ප්‍රදර්ශනය, මහජන පෙළපාළි පැවැත්වීම තහනම් කරනු ඇත. ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පනතේ නීති අනුව දැනුවත්වීම් හා උල්ලංඝනය කිරීමෙන් වැලකී සිටීම සියලු පාර්ශවකරුවන්ගේ වගකීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

    රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය පාක්ෂික හා අගතිගාමී ප්‍රචාරවලින් වැලකීම අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන කටයුතුවලින් වැලකී සිටීමයි. දේශපාලන කාර්යයන්ගේ නොයෙදීම නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සඳහා සපුරාලිය යුතු කාර්යයන් වන බව ද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය. 
     
    ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනාවක් ප්‍රතික්ෂේප වන්නේ නම් අදාළ අපේක්ෂකයාට අධිකරණය වෙත ඒ සම්බන්ධයෙක් ඇපෑලක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී.

    එහිදී අධිකරණ ක්‍රියාමාර්ගය අනුව තීන්දුවක් ලබා දෙන අතර එම තීන්දුව මෙනි අනුව කටයුතු කිරීමට මැතිවරණය කොමසාරිස්වරයාට බලයක් ඇත.

    නාමයෝජනා භාර දී දින 14ක් ඇතුළත මැතිවරණ කොමසාරිස්වරයා; අපේක්ෂකයන්ගේ ඉල්ලීම අනුව ගැසට් මඟින් අදාළ නම් ප්‍රකාශයට පත් කළ යුතුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නම් අවම වශයෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා 03න් පුවත්පතක පළ කිරීම හෝ සිදු කරනු ඇත.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya