සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාමයෝජනා සඳහා විරෝධතා දක්වන කාලය අවසන්

    දෙසැම්බර් 08, 2014

    නාමයෝජනා භාරදීමෙන් පසු යම් විරෝධතාවක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමට පෙරවරු 11.00 සිට 11.30 දක්වා අමතර පැය භාගයක කාලසීමාවක් ලබා දීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළේය.


    ඒ අනුව විරෝධතා කාලසීමාව තුළ විරෝධතා 02ක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

    වික්‍රමබාහු කරුණාරත්න මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාටත්, නාත් අමරකෝන් මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එරෙහි ව මේ විරෝධතා දක්වන ලදී.

    1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ ප්‍රතිසන්ධාන විධිවිධානවලට අදාළ ව එම විරෝධතා ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya