සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උරුමයන් රැක ගැනීමේ අඛණ්ඩතාව පිළිබඳව ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය අද කොළඹදී

    දෙසැම්බර් 08, 2014

    ආසියානු කලාපීය සංදර්භය තුළ උරුමයන් රැක ගැනීමේ අඛණ්ඩතාව පිළිබඳව ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය අද (08) සිට 13 දක්වා කොළඹදී පැවැත්වේ.

    මෙහි පළමු දින සම්මන්ත‍්‍රණය අද කොළඹදී සහ අනෙකුත් සම්මන්ත‍්‍රණ  හබරණ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

     

    ආසියානු කලාපය; සමස්ත ලෝකය හා සසඳා බලන කල කැපී පෙනෙන උරුමයක් ඇති කලාපයකි. මෙම ආසියානු කලාපයේ රටවල් අතර ශ‍්‍රී ලංකාවේ උරුමයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ආසියානු කලාපීය සංස්කෘතිය, ප‍්‍රධාන වශයෙන් ම බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලබා තිබෙන්නකි. ඒ අනුව සමාන මූලයන්ගෙන් සහ සංස්කෘතික වටපිටාවන්ගෙන් ප‍්‍රභවය ලැබූ උරුමයන් සහිත රටවලට තමන්ගේ උරුම කළමනාකරණ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙම සම්මන්ත‍්‍රණය හොඳ වේදිකාවක් නිර්මාණය කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

     

    මෙම සම්මන්ත‍්‍රණය පැවැත්වීම සඳහා අනුග‍්‍රහය දක්වන්නේ ‍උරුමයන් සුරැකීම හා සංරක්ෂණය කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICCROM) සංවිධානයයි. උරුමයන් සුරැකීම හා සංරක්ෂණය කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෝකය මුළුල්ලේ ඇති විශ්වීය වටිනාකමක් ඇති පුරාවිද්‍යා ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කිරීමට උපදේශන සේවාව සපයන සංවිධානයයි. ‍ICCROM සංවිධානය සමඟ ඒකාබද්ධව සංස්කෘතික උරුමය පරිපාලනය පිළිබඳ කොරියානු ආයතනය (CHA) සහ ශ‍්‍රී ලංකාව පාර්ශවයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය මෙම සම්මන්ත‍්‍රණය සඳහා අනුග‍්‍රහය දක්වනු ලැබේ.

     

    මෙම සම්මන්ත‍්‍රණයට රටවල් 13ක විද්වතුන් 21 දෙනෙකු සහ ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන් හා උරුම කළමනාකරුවෝ සහභාගී වෙති. ‍ICCROM සංවිධානය සංස්කෘතික උරුමය පරිපාලනය පිළිබඳ කොරියානු ආයතනය විසින් සංවිධානය කරනු ලබන පළමු සමුළුව කොරියාවේදී පැවති අතර ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ මෙහි දෙවන ජාත්‍යන්තර සමුළුවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya