සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස (සා/පෙළ) විභාගය හෙට සිට

    දෙසැම්බර් 08, 2014

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (09) ආරම්භ කිරීමට නියමිතය.  ලබන 18 දින දක්වා පැවැත්වෙන විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව 577,220ක් වේ.


    පාසල් අයදුම්කරුවන් 370,739ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 206,481ක් ද විභාගය සඳහා පෙනී සිටිති. යාපනයේ නයිනතිව් (නාගදීපය), ඩෙල්ෆ්, අනලතිව් දූපත් ඇතුළු ව දිවයින පුරා මධ්‍යස්ථාන 4,279ක විභාගය පැවැත්වීමට සියලු කටයතු සූදානම් කර ඇත.

    විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 532කි. ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇත.‍

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා රත්මලාන අන්ධ විදුහල, මාතර රෝහණ අඳ බිහිරි විදුහල හා හලාවත මහවැව ශිවරාජ විදුහල්වල විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරෙන අතර සාමාන්‍ය මධ්‍යස්ථානවල ද විශේෂ අවශ්‍යතා සහිත දරුවන් විභාගයට පෙනී සිටීමට නියමිතය. විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 540 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත අතර මීට අමතරව බන්ධනාගාර රැඳවියන් සඳහා විභාග මධ්‍යස්ථාන 02ක් ක්‍රියාත්මක කෙරේ. නව මැගසින් බන්ධනාගාරය, බොරැල්ල හා පාදුක්ක, වටරැක සුනීත විදුහල ඒවායි. 

    සාමාන්‍ය පෙළ විභාගය සඳහා කාර්ය මණ්ඩලය 38,200ක් යොදවා ඇත. 

    විභාගය දිනපතා පෙරවරු 8.30 ආරම්භ කෙරෙන අතර ලියාපදිංචි හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු අතර යම් විමසීමක් ඇත්නම් විභාගයට පෙර කල් වේලා ඇතිව විභාග දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතු වේ.

    විභාග හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට අවසර නොලත් කිසිවකුට ඇතුළු විය නොහැකිය. විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, පෙළපාළි, රැස්වීම්, උද්ඝෝෂණ, සංගීත සංදර්ශන, විවිධ ප්‍රසංග සහ විභාගයට බාධා වන කටයුතු සිදු නොකළ යුතු අතර විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

    විභාගය පැවැත්වෙන දිනවල ඇති විය හැකි වැසි සහිත කාලගුණ තත්ත්වයන් හා නායයාම් පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස සියලු ම අපේක්ෂකයන්ගෙන් හා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග සම්බන්ධයෙන් හෝ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විභාග ශාලාවක සිදුවන වංචා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දුරකතන අංක 011-2785211, 011-2785212, 011-2784208, 01-2784537, 1911, 011-2421111, 119,හෝ ෆැක්ස් අංක 011-2784422 වෙත ලබා දෙන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya