සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන පක්ෂ 17කින් හා ස්වාධීන 2ක් ඇප තැන්පත් කරති

    දෙසැම්බර් 08, 2014
    2015 ජනාධිපතිවරණය වෙනුවෙන් අද (08) උදෑසන 9.30 සිට රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාර දීමේ අවස්ථාව ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට හිමි වේ.


    ඒ අනුව අද උදෑසන 9.00 සිට 11. 00 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර උදෑසන 9. 00 සිට 11.30 දක්වා නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීමට ද නියමිතය.

    මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 17කින් ඇප මුදල් තැන්පත් කර ඇත. එම අපේක්ෂකයන් වන්නේ ,

    ජනසෙත පෙරමුණ - බත්තරමුල්ල සීලරතන හිමි
    ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය - එම්.බී. තැමිණිමුල්ල මහතා
    සමාජවාදී සමානතා පක්ෂය - පානි විජේසිරිවර්ධන මහතා
    එක්සත් සමාජවාදී පක්ෂය - සිරිතුංග ජයසූරිය මහතා
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - රාජපක්ෂ පර්සි මහේන්ද්‍ර මහතා 
    එක්සත් ලංකා මහ සභා පක්ෂය - ජයන්ත කුලතුංග මහතා 
    ශ්‍රී ලංකා ජාතික පෙරමුණ - විමල් ගීගනගේ මහතා 
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - පල්ලේ වත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන මහතා
    එක්සත් සාම පෙරමුණ - ඉබ්‍රාහිම් නිස්තාර් මොහොමඩ් මිෆ්ලාර් මහතා 
    පෙරටුගාමී සමාජවාදී පක්ෂය - දුමින්ද නාගමුව මහතා
    ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - ඒ.එස්.පී. ලියනගේ මහතා
    නව සම සමාජ පක්ෂය - සුන්දරම් මහේන්ද්‍රන් මහතා
    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය - කටුගම්පල අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියංකර මහතා
    අපේ ජාතික පෙරමුණ - රාජපක්ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්ෂ මහතා
    දේශප්‍රේමි ජාතික පෙරමුණ - රත්නායක ආරච්චිගේ සිරිසේන මහතා
    එක්සත් ලංකා පොදුජන පක්ෂය - රුවන්තිලක පේදුරු ආරච්චි මහතා 

    ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු ද ඇප තැන්පත් කර ඇත. එම අපේක්ෂකයන් වන්නේ පොල්ගම්පල රාළලාගේ චමින්ද අනුරුද්ධ පොල්ගම්පල මහතා හා අයි.එම්. ඉල්යාස් මහතායි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි සය වසරක් සඳහා මේ ජනාධිපතිවරණය පවත්වනු ඇත. ඕනෑම ජනාධිපතිවරයෙකුට තම ධූර කාලයේදී වසර 04ක් ගෙවුණු පසු ජනාධිපතිවරණයක් කැඳවීමට අවස්ථාව තිබේ.

    මෙවර ජනාධිපතිවරණට ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයෝ එක් කෝටි පනස් ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය අනූවක්  (15,044,490) සිටිති.

    NDH/SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya