සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මුවදොර උයන" අද ජනතා අයිතියට

    දෙසැම්බර් 08, 2014

    නිවාස 872කින් සමන්විත ෆර්ගියුසන් පාර "මුවදොර උයන" නිවාස ව්‍යාපෘතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) ජනතා අයිතියට පත් කෙරේ.

    මෙම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 08ක් පමණ වේ. වර්ග අඩි 450කින් සමන්විත මෙම නිවසක නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, සඳළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වේ.

     

    මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සමගාමී ව හරිත උද්‍යාන සහිත ළමා උද්‍යාන සහිත ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ, විධිමත් මාර්ග පද්ධතිය පුළුල් කිරීම, ප්‍රජා ශාලා වැනි අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ද වැඩිදියුණු කොට ඇත.

     

    පැල්පතින් මන්දිරයට මහින්ද චින්තන සංකල්පය යටතේ කොළඹ පැල්පත්වාසීන් එයින් මුදවාලීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සංකල්පයක් අනුම මෙම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya