සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රනිල් වික්‍රමසිංහ හිතුවේ අනෙකාගේ කර මතින් තමන් උඩට නැඟීමටයි

    දෙසැම්බර් 08, 2014

    රනිල් වික්‍රමසිංහ හිතුවේ අනෙකාගේ කර මතින් තමන් උඩට නැගීමට වුවත් මෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා නැඟ තිබෙන්නේ තමන්ගේ කරට නොවේදැයි යන්න වික්‍රමසිංහ මහතාට වත් තවම අවබෝධ කරගැනීමට නොහැකි වී ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජන සෙවණ සහ ශ්‍රී ලංකා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ නිවාස ව්‍යාපෘති යටතේ ඉදිවන හෝමාගම “ලිවින් හෝම්ස් රණාල” නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊයේ (07) දින වෙමිනි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නිවාස) කේ. ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරු සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, නිවාස ගැනුම්කරුවෝ, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya