සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රාජගිරියේ විශේෂ රථවාහන සැලැස්මක්

    දෙසැම්බර් 08, 2014

    2015 ජනාධිපතිවරණ නාමයෝජනා බාරගැනීමට නියමිත අද (08) දිනයේ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි‍.

    එමෙන් ම නාමයෝජනා බාරගැනීමෙන් පසු ව කිසිදු ආකාරයේ පෙළපාළි සඳහා අවසර නොදෙන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව සහ රථවාහන සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2000ක පමණ පිරිසක් ද යොදවා ඇත‍.

     

    ඒ අනුව උදේ 9.00 සිට සවස 2.00 දක්වා වැලිකඩ හන්දිය, ආයුර්වේද වටරවුම හා කොටාපාර, පාර්ලිමේන්තු මාර්ගය වාහන ගමනාගමනය එක් මං තීරුවකට පමණක් සීමා වන අතර දහවල් 12.30 සිට 1.30 දක්වා එම මාර්ගය සම්පූර්ණයෙන් ම වසාදැමේ. නාමයෝජනා බාරදෙන කාලසීමාවේදී සරණ පාර සම්පූර්ණයෙන් ම වසා තැබේ.

     

    මෙම කාලසීමාවේ දී මෙම මාර්ගවල ගමන් කිරීමට අවසර ලබාදෙන්නේ සැහැල්ලු වාහන හා මගී බස් රථවලට පමණක් වන අතර බර වාහන ගමන්කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ.

     

    සිදුවන අපහසුතා මග හැර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya