සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ආධුනික සෙබළ සෙබළියන්ගේ මාර්ග සංචාරය අද

    දෙසැම්බර් 07, 2014
    ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණු පාසැල්වල පුහුණුව ලබන ආධුනික සෙබළ සෙබළියන් 4390කගේ සහභාගිත්වයෙන්  ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන මාර්ග සංචාර වැඩසටහන අද (07) දිවයින පුරා පවත්වනු ලැබේ.
     
    ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව, දරා ගැනීමේ හැකියාව ආදී ගුණාංග වර්ධනය කරලීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරේ.
     
    මෙම මාර්ග සංචාරය යුද හමුදා පුහුණු පාසැල් ස්ථානගත ව ඇති අනුරාධපුරය, මහියංගනය, වරකාපොළ, දියතලාව, ගාල්ල, කුරුණෑගල, වව්නියාව, හෝමාගම, අම්බලන්ගොඩ හා මහනුවර යන නගර ආශ්‍රිත ව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 
     
    මෙම සංචාරය සෙබළුන් සඳහා කි.මී. 12ක් වන අතර සෙබළියන් සඳහා කි.මී. 06කි. 07දා පෙ.ව. 8.30 සිට 12.30 දක්වා මෙම මාර්ග සංචාරය සිදු කරනු ලැබේ.
     
    මෙම මාර්ග සංචාරයට ප්‍රථමයෙන් මෙම සෙබළ සෙබළියන් සියලු දෙනා ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඒ සඳහා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කරනු ලබන අතර යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම් ද මෙම පාගමනේ යෙදෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya