සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන් - නාමයෝජනා බාරදීම හෙට Featured

    දෙසැම්බර් 07, 2014
    2015 ජනාධිපති මැතිවරණයට අදාළ ව ඇප මුදල් තැන්පත් කිරීම අදින්  (07) අවසන් වන අතර නාමයෝජනා භාරදීම හෙට (08) පෙරවරුවේ සිදු කෙරේ.
     
    ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 24 වැනි දා ආරම්භ විණි. නාමයෝජනා භාරගැනීමට පෙර දින එනම් අද පෙරවරු 8.30 සිට මධ්‍යහන 12.00 දක්වා ද මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී විසින් ඇප මුදල් භාරගනු ලැබේ.
     
    නාමයෝජනා භාරදෙනු ලබන සෑම අපේක්ෂකයෙකු විසින් ම නාමයෝජනා භාරදීමට පෙර නියමිත ඇප මුදල් තැන්පත් කර තිබිය යුතුය. 
     
    ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් ද, අනෙකුත් අපේක්ෂකයන් වෙනුවෙන් රුපියල් 75,000ක් ද ඇප මුදල් වශයෙන් තැන්පත් කළ යුතුය.
     
    පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයන් හැර අනෙකුත් අපේක්ෂකයන් ඇප මුදල් භාරදීමේ දී ව්‍යවස්ථාදායකගේ තෝරා පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරයෙකු බව හෝ මන්ත්‍රීවරයෙකුව සිටි බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ අත්සන යටතේ වූ සහතිකයක් මගින් සනාථ කිරීම ද අවශ්‍ය වේ.
     
    මෙම ඡන්ද විමසීම සඳහා 2014 වසරේ ඡන්ද හිමි නාමලේඛනය භාවිත කරනු ලබන අතර ඒ යටතේ ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා ඇති මුළු ඡන්දහිමියන් සංඛ්‍යාව 15,044,490කි.
     
    2015 ජනාධිපතිවරණය ජනවාරි 08දා පැවැත්වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya