රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) වෝටර්ස් එජ් හෝටලයේ දී බත්තරමුල්ල දියත උයන හා බෙල්ලන්විල වෙළඳසැල් හිමිවරුන් හමු විය. මෙහිදී ආරක්ෂක ලේකම්වරයා දියත උයනේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ව වෙළෙඳසැල් හිමියන් දැනුවත් කළේය. මෙම අවස්ථාවට වෙළඳසැල් හිමිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. DB