අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් ශූරයන් වෙනුවෙන් සමරු මුද්දරයක් Featured

    අප්‍රේල් 26, 2014
    විස්සයි 20 ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපහාර දැක්වීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ සිහිවටන පත්‍රිකාවක් නිකුත් කිරීමට තැපැල් සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.
     
    වසර 18කට පසු ලෝක ශූරතාවක් දිනාගනිමින් රටට කීර්තිය අත්කර දුන් ක්‍රිකට් කණ්ඩායමට රජයෙත් මහජනතාවගේත් උත්තමාචාරය පුදකිරීමේ අරමුණින් මෙම සමරු මුද්දරය සහ සිහිවටන පත්‍රිකාව නිකුත් කිරීමට තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා තීරණය කොට ඇත.
     
    ක්‍රීඩකයන්ගේ ඡායාරූප සහිත සමරු මුද්දරය සහ සිහිවටන පත්‍රිකාව නිකුත් කිරීම සඳහා තැපැල්පති රෝහණ අබේරත්න මහතා විසින් ඊයේ (26) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් ද කළ බව එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya