අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාර දුෂ්කර විහාරස්ථාන 100කට පහසුකම්

    අප්‍රේල් 26, 2014

    අම්පාර දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර විහාරස්ථාන 117ක් සඳහා ප්‍රත්‍ය පහසුකම් සැලසීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.


    ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවක දී කතානායකවරයා ප්‍රකාශ කළේ මෙම ‘ප්‍රත්‍ය පහසුකම්‘ සැලසීමේ වැඩසටහන තමා අනුශාසකත්වය දරණ රත්ගම සංවර්ධන පදනම මඟින් ක්‍රියාත්මක කරන බවයි.


    ඒ අනුව දානමය අවශ්‍යතාවන් පවා සපුරාගත නොහැකි ව තිබෙන විහාරස්ථාන 117ක් දැනට හඳුනාගෙන තිබෙන බවත් ඒ විහාරස්ථානවලටත් ස්වාමීන්වහන්සේලාටත් අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට තම පදනම කටයුතු කරන බවත් එහි සභාපති, හිටපු ග්‍රාමීය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර සොයිසා මහතා පැවසීය.


    මේ සඳහා දානපතීන්ට සහය විය හැකිය. ඒ සඳහා ආධාර ලබාදීමට කැමති අයට 077 7701119 / 077 6141605 / 077 3557514  සහ 077 7681916 අංකවලට අමතා හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් මඟින් විමසා වැඩිදුර තොරතුරු ලබාගත හැකිවේ.


    මේ මහඟු පිංකමට භාණ්ඩ සපයා දායක වන අයට එම බඩුභාණ්ඩ කොළඹ තරුණ බෞද්ධ සංගමය, මරදාන මහින්දාරාම විහාරස්ථානය, රත්මලාන පුෂ්පාරාම විහාරස්ථානය, අලුත්ගම කන්දෙ විහාරස්ථානය, අම්බලන්ගොඩ සවුත්ගේට් ජාත්‍යන්තර පාසල සහ සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයට ලබන මැයි 01 සිට 18 වැනිදා දක්වා ලබාදිය හැකිය.


    මෙම විහාරස්ථානවලට ආධාර කිරීමේ උත්සවය ලබන ජූනි මාසයේ දී අම්පාර නගරයේ දී පැවැත්වීමට කටයුතු කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya