අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්‍ෂිණ අධිවේගයේ පෞද්ගලික බස් රථ සේවාව පුළුල් කිරීමට පියවර

    අප්‍රේල් 24, 2014

    දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගී ජනතාවගේ පහසුව සඳහා පෞද්ගලික බස් රථ සේවය පුළුල් කිරීමට පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි.


    මේ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙසට පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.


    මෙහි පළමු පියවර ලෙසට පසුගිය අවුරුදු සමයේ දී දක්‍ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ‘‘විශේෂ අවුරුදු සේවා’’බස් රථ ධාවනයට එක් කිරීමට ජාතික ගමනාගමන කොමිසම් සභාව පියවර ගනු ලැබීය. මෙම විශේෂ අවුරුදු සේවාව මේ මස 08 වන දින සිට 22 වන දින දක්වා කි‍්‍රයාත්මක කෙරිණ. ඒ අනුව සාමාන්‍ය දිනවලදී ද දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා මගී ජනතාවගේ අවශ්‍යතා සඳහා මෙම බස් රථ ධාවනය මේ මස 28 වන දින දක්වා දීර්ඝ කර තිබේ.


    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා මගීන්ගේ අවශ්‍යතාව හඳුනාගනිමින් පෞද්ගලික බස් රථ සේවාව තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු අමාත්‍යාංශය මඟින් දැනටමත් සිදුකෙරෙමින් පවතී.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya