අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරු ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    අප්‍රේල් 24, 2014

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතා වතු කම්කරු ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකාච්ඡාවක් ඊයේ (23) පවත්වා තිබේ.


    වැවිලි මානව සංවර්ධන භාරයට අයත් සියලු ම ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරුන් සමඟ  මෙම සාකාච්ජාව පැවැත්විණ. 


    නුවරඑළිය වෙසෙන වතු කම්කරු ජනතාවගේ ආර්ථික  තත්ත්වය නගාසිටුවීමට විවිධ නව  ව්‍යාපෘති  මෙම වසරේ ආරම්භ කිරීමටත්, නිතර නිතර ආපදා තත්ත්වයන්ට භාජනය වන නුවරඑළියහි මහා මාර්ග පිළිසකර කිරීමටත් මෙහි දී සාකච්ඡා විය.


    එමෙන්ම සමස්ත ලංකාවේ ම ජීවත්වන වතු කම්කරු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් නගාසිටුවීම සඳහා  විවිධ පියවරවල් ආරම්භ කිරීම මෙහි දී මුලිකව සිදුවිණි.


    අමාත්‍යවරයා මේ වන විට ආරම්භ කළ නමුත් නිම නො වූ මහා මාර්ග පිළිසකර කිරීම් ව්‍යාපෘති, කම්කරු ජනයාගේ නිවාස හා වැසිකිළි  හා ජල ප්‍රශ්න ආදි ගැටලු නිරාකරණය සඳහා යෝජිත වු ව්‍යාපෘති ඉතා ඉක්මනින්  නිම කිරීමටත් උපදෙස් දුන්නේය.


    මෙම අවස්ථාව සඳහා පශු සම්පත් අමාත්‍යංශ අනුශාසක මීගොඩ මහතා ඇතුළු උසස් නිලධාරින් හා  වැවිලි මානව සංවර්ධන භාරයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරු පිරිසක් සහභාගි වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya