නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගී ප්‍රවාහනයෙන් බැහැර වූ බස් රථවලට එරෙහිව පියවර

    අප්‍රේල් 23, 2014

    සිංහල - හින්දු අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වූ සමයේ මගී ප්‍රවාහන සේවාවේ නොයෙදී,  විශේෂ චාරිකාවල නියැලුණු අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා බස් රථ 08කට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා අද (23) පියවර ගනු ලැබීය.


    ඒ අනුව කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ (වැ.බ) මෙහෙයවීමෙන් මෙම පරීක්ෂණ සිදුකරනු ලබයි.  සිංහල - හින්දු අලුත් අවුරුදු සමයේදී,  මගී සේවා අවසරපත්‍රලාභී (මාර්ග බලපත්‍ර) සියලු ම බස් රථවලට සේවා සැපයීම අත්‍යවශ්‍ය සේවා ලෙස,  අනිවාර්යය කරමින් සියලු ම බලපත්‍රලාභීන් වෙත ජාතික ගමනාගමන කොමිසම් සභාව මගින් ලිඛිතව දැනුම් දී ඇත.



     එසේ තිබියදී සේවාවන් අවශ්‍යම මොහොතේදී මගීන් ප්‍රවාහනය කිරීම පැහැර හරිමින් ක්‍රියාකිරීම මෙම බස් රථ හිමියන් සිදුකළ ප්‍රබල වරදක් ලෙස සලකා කටයුතු කරන ලෙස සභාපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය. 

    මේ අතර, 2014 සිංහල - හින්දු අලුත් අවුරුදු සමයට  සමගාමීව  ජාතික ගමනාගමන කොමිසම් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මගී ප්‍රවාහන විශේෂ අවුරුදු සේවාවේදී, අන්තර් පළාත් බස් රථ සේවා  සම්බන්ධයෙන් මහජන පැමිණිලි 270ක් කොමිසම් සභාවේ මහජන පැමිණිලි ඒකකය වෙත ලැබී තිබේ.


    වැඩිපුර ගාස්තු අයකිරීම් සම්බන්ධ පැමිණිලි 113ක්, මගීන්ට ආචාරශීලී නොවීම සම්බන්ධ පැමිණිලි 63ක්, නියමිත ස්ථනයෙන් ගමන් ආරම්භ නොකිරීම හා ගමනාන්තය දක්වා ධාවනය නොකිරීම සම්බන්ධ පැමිණිලි 19ක්, ප්‍රවේශපත් නිකුත් නොකිරීම් සම්බන්ධ පැමිණිලි 17ක්, අපරීක්ෂාකාරී ධාවනය සම්බන්ධ පැමිණිලි 10 ක් ප්‍රධාන වශයෙන් ඒ අතර වේ.

    වායු සමීකරණ යන්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, නියමිත මාර්ගයේ ධාවනය නොකිරීම, අතරමග ස්ථානවල අනවශ්‍ය අකාරයට බස් රථය නවත්වා මගීන් එකතු කිරීම, ගමනාන්ත පුවරු ප්‍රදර්ශනය නොකිරීම, අධික ශබ්දයෙන් කැසට් /රේඩියෝ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, බස් රථ අතර ගැටුම්, බලපත්‍ර නොමැතිව ධාවනයේ යෙදීම ආදිය අනෙකුත් පැමිණිලි වේ.

    මෙම  වැරදි සඳහා පරීක්ෂණවලින් අනතුරුව වැරදිකරුවන් වන  බස් රථ රියැදුරන්, කොන්දොස්තරවරුන්ට තරයේ අවවාද කිරීම, තම වියදමින් පුහුණු වැඩසටහන්වලට අනුයුක්ත කරවීම, බස් හිමියන්ගෙන් පරිපාලන ගාස්තු අයකරගැනීම, බරපතළ වරදක් සිදුව ඇති අවස්ථාවකදී රියැදුරු/කොන්දොස්තර ලියාපදිංචි හැඳුනුම්පත අවලංගු කිරීම, අදාළ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීම ආදී දඬුවම්වලට යටත් වීමට සිදුවනු ඇත.

     
    මෙම සියලු ම පැමිණිලි ඉතා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරයා මහජන පැමිණිලි ඒකකය වෙත උපදෙස් දෙනු ලැබීය. 2013 වසරට සාපේක්ෂව 2014 වසරේ ලැබී ඇති පැමිණිලි ප්‍රමාණයෙහි අඩුවක් දක්නට තිබේ.   දින 14ක් දෛනිකව ධාවනය වූ නිත්‍ය මගී සේවා අවසර පත්‍ර සහිත බස් රථ 3000කට සහ මගී අවශ්‍යතාව මත තාවකාලික බලපත්‍ර යටතේ සේවාවේ යොදවන ලද බස් රථ 3200ක් අතරින් මෙම පැමිණිලි 270 ලැබී ඇත.
     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya