සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හෙට

    ඔක්තෝබර් 30, 2014

    "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය - 2014 සමාරම්භක උත්සවය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) හෙට (31) ප.ව. 3.00 ට පැවැත්වේ.

    ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLSI) විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හෙට සිට නොවැම්බර් 02 දක්වා කොළඹ 10, ඩී. ආර්. විජේවර්ධන මාව‍තේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වේ.

     

    "සහසක් නිමැවුම්" ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය විදහා දක්වන ජාතික ප්‍රදර්ශනයක් ලෙස හැඳින්විය හැකිය. නව නිපැයුම් විශාල ප්‍රමාණයක් එක් ප්‍රදර්ශනයකදී එළි දක්වමින් සමාජගත කිරීම මගින් ශ්‍රී ලාංකිකයන් තුළ දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීම අරමුණු කරගනිමින් "සහසක් නිමැවුම්" සංකල්පය 2012 වසරේ ක්‍රියාවට නැංවිණ.

     

    මෙවර ප්‍රදර්ශනයට සමගාමීව දේශීය නව නිපැයුම් ක්ෂේත්‍රයට අද්විතීය මෙහෙවරක් සිදුකළ ආචාර්ය රේ. විජේවර්ධනයන්ගේ සමරු මුද්දරයක් නිකුත් කිරීමට නියමිතය. සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම හසල දැනුමක් සහ නිපුණතාවයකින් හෙබි ආචාර්ය රේ. විජේවර්ධනයන් 1955 වසරේ ලොව ප්‍රථම රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිපදවා සාක් කලාපීය රටවල ගොවි ජනතාවට මහඟු සේවාවක් ඉටුකළ ශ්‍රේෂ්ඨ විද්වතෙකි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya