සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය හෙට Featured

    ඔක්තෝබර් 30, 2014

    විශිෂ්ටතම විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වන ජනාධිපති සම්මාන ප්‍රදානය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ රටෙහි විද්වත් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් හෙට (31) පෙරවරු 10.00 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වේ.

    තම පර්යේෂණයන්හි ජාත්‍යන්තර තත්ත්වය කරා ළඟාවීමට තරම් සාර්ථකත්වයක් හිමි කරගත් විද්‍යාඥයන් නිසි ඇගයීමට ලක්කිරීම සඳහා ජනාධිපති පර්යේෂණ සම්මාන ක්‍රමය හඳන්වාදෙනු ලැබිණ. මෙරට විද්‍යාඥයන් විසින් සිදුකරනු ලැබූ පර්යේෂණ අගයමින් මෙම සම්මාන පිරිනැමීම සිදු කෙරෙන අතර, වෛද්‍ය, කෘෂිකර්ම, පාරිසරික, සමාජ විද්‍යාත්මක, දන්ත වෛද්‍ය හා ඉංජිනේරු මෙන්ම අනෙකුත් සෙසු විෂය පථයන් ආවරණය කරමින් 2010, 2011 හා 2012 වසරවල දී පර්යේෂණ සිදු කළ විද්‍යාඥයන් 318 දෙනෙකු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

     

    ගෝලීය වශයෙන් විද්‍යාවෙහි ප්‍රගමනය උදෙසා ඵලදායී අයුරින් දායකත්වයක් ලබාදෙමින් රටෙහි අභිවෘද්ධිය උදෙසා පර්යේෂණයන් සිදුකිරීම සඳහා විද්‍යාඥයන් දිරිගැන්වීම තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ජාතික පර්යේෂණ සභාව විසින් සිදු කරනු ලබයි. රටෙහි කැපී පෙනෙන ජාතික විද්‍යාත්මක සහ තාක්ෂණික ප්‍රජාවන් ගොඩනැගීම උදෙසා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණයන් සැළසුම් කිරීම, සම්බන්ධීකරණය සහ පහසුකම් සැළසීම සඳහා රජයට සහය වන්නේ ජාතික පර්යේෂණ සභාවයි.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya