සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොපි මල් සැමරුම අද

    නොවැම්බර් 09, 2014
    ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සන්නද්ධ සේවා පොපි සැමරුම් උළෙල අද (09) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ රණ විරු ස්මාරකය අභියසදී පැවැත්වේ.
     
    ඒ අනුව අදින් පොපි මල් අලෙවි කිරීමේ කටයුතු ආරම්භ වේ. පොපි මල් අලෙවියෙන් ලැබෙන මුදල් විශ්‍රාම ගිය රණ විරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් යොමු කෙරේ.
     
    පසුගිය වසරේ පොපි මල් අලෙවියෙන් රුපියල් මිලියන 18ක් උපයාගෙන ඇති අතර මෙවර මිලියන 25ක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය අපේක්ෂා කෙරේ. 
     
    එංගලන්තයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය පොදුරාජ්‍ය මණ්ඩල සේවා මුක්ත ලීගය ශ්‍රී ලංකාවට පොපි මල් නොමිලයේ එවනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ බෙදා හැරීම් කටයුතු ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් සිදු කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya