සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ සරසවිය ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ සහතික පත‍්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

    ඔක්තෝබර් 30, 2014

    කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ සහතික පත‍්‍ර පාඨමාලාවට  (CCTE) මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබේ.


    ලබන වසරේ (2015) ජනවාරි මස ආරම්භ කිරීමට නියමිත මෙම පාඨමාලාව අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර (උ.පෙ.) විභාගය සඳහා ආර්ථික විද්‍යා විෂය උගන්වන ගුරුවරුන් හා වෙනත් වෘත්තිකයින් ඉලක්ක කර ගෙන පැවැත්වේ.


    අර්ධ කාලීන පාඨමාලාවක් වන මෙහි කාලය මාස හයකි. ආර්ථික විද්‍යාව එක් විෂයක් සහිතව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ඇති විද්‍යාර්ථීන්ට මේ සඳහා අයදුම් කළ හැක.


    අයදුම්පත් නොවැම්බර් මස 28 වන දිනට පෙර ලැබෙන සේ පාඨමාලා සම්බන්ධීකාරක, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, තැ.පෙ.1490, කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ 03. යන ලිපිනයට යොමු කිරීමට හෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට බාර දිය හැකි බව පාඨමාලා සම්බන්ධීකාරක සුභා මල්ලිකා හේවා මහත්මිය පවසයි.


    තැපෑලෙන් එවන අයදුම්පත් බහා එවන ලියුම් කවරයේ වම් පස උඩ කෙළවරේ “ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ සහතිකපත‍්‍ර පාඨමාලාව (CCTE) -2015 ජනවාරි” යනුවෙන් සඳහන් කළ යුතුය.


    පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර 2582666 දුරකතන අංකය ඔස්සේ සුභා මල්ලිකා හේවා මහත්මිය ඇමතීමෙන් ලබා ගත හැක.


     ECB/DM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya