අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික පාසල් දෙවැනි වාරය අද ආරම්භ නොකිරීම ගැන පරීක්ෂණයක්

    අප්‍රේල් 21, 2014

    2014 අධ්‍යයන වර්ෂය සඳහා උතුරු නැගෙනහිර ඇතුළු මුළු දිවයිනේම දෙවැනි පාසල් වාරය අද (21) ආරම්භ කෙරිණි.


    රජයේ ආධාර ලබන හා නොලබන පෞද්ගලික පාසල් රාශියක දෙවැනි පාසල් වාරය අද ආරම්භ කර නැතැයි එම පාසල්වල අධ්‍යාපනය හදාරණ සිසුන්ගේ දෙමාපියන් රැසක් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පැමිණිලි කොට ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.


    ඒ අනුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අරබයා අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ පෞද්ගලික පාසල් විසින් නොසලකා හරිනු ලබන්නේද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා,  අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya