සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැණසල පාඨමාලා හදාරන්නන්ට වෘත්තීය පුහුණු අධිකාරියේ සහතිකයක්

    ඔක්තෝබර් 29, 2014


    නැණසල මධ්‍යස්ථානයන්හි වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන්නන් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අනුමැතිය සහිත සහතිකපතක් ලබා දීමට පියවර ගෙන ඇත.


    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTASL) අතර  මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණි.

     

     මේ අනුව නැණසල මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන්නන්ට  ජාතික  වෘත්තීය පුහුණු තෙවන මට්ටමේ සහතිකපතක්  පිරිනැමේ.


    මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පිහිටි එම අමාත්‍යංශයේදී සිදු විය.  


    එහිදී  අදහස් දැක්වු විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා යුද්ධය නිමාකර රටට සාමය උදා කිරීමේ අභියෝගය ජයගත්තා සේ ම රටේ  තොරතුරු සන්නිවේදන  සාක්‍ෂරතාව ඉහළ නැංවීමේ අභියෝගයද මේ වන විට  සාර්ථක ව ජය ගෙන ඇති බවයි.

     

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා එවකට අගමැතිව සිටියදී ආරම්භ කළ නැණසල ව්‍යපෘතිය නිසා අද රටේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සාක්‍ෂරතාව සියයට පණහ ඉක්මවා ඇති බවත් නැණසල ව්‍යාපෘතිය ජාත්‍යන්තරයේ ඇගයුමට ලක්වී ඇති බවත්ය.යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේ අද නැණසල යනු ශ්‍රී ලංකාවේ පමණක් නො ව ජාත්‍යන්තරයේ පවා සම්මානයට පාත්‍ර වු ජනහිතවාදී වැඩසටහනක් බවයි. එවැනි වාතාවරණයක් තුළ මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමට හැකි වීම අතිශයින් වැදගත් වන බවයි.


    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති කර්නල් එස්.ආර්.පී. රත්නායක යන මහත්වරු මෙම අවබෝධතා  ගිවිසුමට අත්සන් කළේය.  



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya