සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද වතු ගම්මානයක් නාය යෑමෙන් 150ක් පමණ ආපදාවට Featured

    ඔක්තෝබර් 29, 2014
    (බදුල්ල සිට) බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ කොටසක් සම්පූර්ණයෙන් ම නායගොස් වතු ගම්මානයක් යට වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් අප ප්‍රවෘත්ති නිලධාරී සඳහන් කරයි.
     
    එම ගම්මානයේ නිල නිවාස 02ක් හා පේලි වතු නිවාස 07ක් පිහිටා ඇති අතර එහි පවුල් 63 - 70ත් අතර ප්‍රමාණයක් සිටින්නට ඇති බවත් අනුමාන කෙරේ. 
     
    උදෑසන 7.45ට පමණ මෙම සිදුවීම සිදු වී ඇති අතර එම අවස්ථාව වන විට පාසල් වෙත හා රැකියා සඳහා පිටත්ව ගොස් ඇති පුද්ගලයන් හා ළමුන් හැරුණු කොට ඉතිරි සියලු දෙනා මෙම පස් කන්දට යට වී ඇතැයි අනුමාන කෙරේ. එම පිරිස 150ක් පමණ වෙතැයි ද වාර්තා වේ.
     
    මේ වන විට පුද්ගලයන් 06දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට හැකි වී ඇති අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූවන් බේරාගැනීමේ දුෂ්කරතාවන් පවතින බවත් වාර්තා වේ.
     
    මේ වන විට සියලු නිලධාරීන් මෙන් ම සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස් එම ස්ථානය වෙත පැමිණ ඇති බවත් අප ප්‍රවෘත්ති නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya