සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනයට

    ඔක්තෝබර් 29, 2014
    2014 ඡන්ද නාම ලේඛන ප්‍රතිසංශෝධනයට අදාළ ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත ප්‍රදර්ශනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව 2014.10.31 දින සහතික කිරීමට නියමිත එක් එක් දිස්ත්‍රික්කයට අදාළ 2014 ඡන්ද හිමි නාම ලේඛනයේ කෙටුම්පත, ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ද, එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අදාළ ඡන්ද හිමි නාම ලේඛන කෙටුම්පත ඒ ඒ ග්‍රාම නිලධාරී කාර්යාලවල ද 2014.10.23 සිට 2014.10.30 දින දක්වා ප්‍රදර්ශනය කෙරේ.
     
    ගණන් ගන්නා ලද නිලධරයන් විසින් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සඳහා ගණන් ගන්නා ලද අයෙකුගේ හෝ අදාළ හිමිකම් පරීක්ෂණයට පෙනී සිටි අයෙකුගේ නම් මේ වන විටත් ප්‍රදර්ශනයට තබා ඇති ඡන්ද හිමි නාම ලේඛන කෙටුම්පතේ ඇතුළත් ව නොමැති නම් ඒ බව වහාම ඒ ඒ වසමේ ග්‍රාම නිලධාරී හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ඔක්තෝබර් 30දින හෝ එදිනට පෙර දැන්වීමට ක්‍රියා කරන ලෙස ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya