සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම ප්‍රතිසංස්කරණ කටයුතු 70%කට වඩා අවසන් Featured

    ඔක්තෝබර් 29, 2014
    අලුත්ගම ප්‍රදේශයේ පසුගිය මාසයක දී ඇතුළු කලබලකාරී තත්ත්වය හේතුවෙන් අලාභහානි වු නිවාස ප්‍රතිසංස්කරණ කටයුතු 78%කින් ද, වෙළෙඳ ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු 79%කින් ද අවසන් ව ඇති බව ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර අඥාපති මේජර් ජනරාල් යූ.ඒ.බී. මැදවෙල මහතා ප්‍රකාශ කළේය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති  සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 182ක් ඇස්තමේන්තු කර ඇතත් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 66ක් පමණක් වැය වී ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    නිවාස 223ක් ප්‍රතිසංස්කරණය කිරීමට තෝරාගෙන ඇති අතර ඉන් නිවාස 52ක පමණ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුකරමින් පවතින අතර නිවාස 171ක් සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කොට නිවාස හිමියන් වෙත භාර දී ඇත. ව්‍යාපාරික ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා ස්ථාන 16ක් පමණ ඉතිරි වී ඇති අතර සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට නොවැම්බර් අවසාන වන විට නැවත භාරදීමට නියමිතය. විනාශ වූ එක් නිවසක හා ව්‍යාපාරික ස්ථානයක් සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් එම ස්ථාන දෙක නොවැම්බර් මාසයේ දී හිමිකරුවන් වෙත භාරදිය නොහැකි බවද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.
     
    එම ප්‍රදේශවල පවතින සාමකාමී තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව පසුගිය දින ශීල ව්‍යාපාරයක් ද සිකුරාදා දිනවල මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කළ බවද මැදවෙල මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya