සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද නායයාමට ලක් වූ ජනතාව වෙනුවෙන් ගත හැකි සියලුම ඉදිරි පියවර ගන්නා බව රජය අවධාරණය කරයි

    ඔක්තෝබර් 29, 2014

    අද (29) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීරියබැද්ද ප්‍රදේශය නාය යාමකට ලක් වී ඇත. මෙම නාය යාමෙන් මීරියබැද්ද වතු නිවාස පේලි 7කට අයත් ව තිබූ නිවාස 125ක් පමණ පස් තට්ටුවකට යට වී පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පැවසීය.

     

    මීරියබැද්ද ගම අවට පදිංචි කරුවන් මේ වන විට සහන කඳවුරු වෙත යොමු කර ඇති අතර ඔවුන්ට සහන සැපයීම සඳහා කණ්ඩායම් ගණනාවක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත ලබා දී ඇත. මේ වන විටත් ගිලන් රථ, වෛද්‍යවරු, හෙද හෙදියන් ඖෂධ මෙන් ම ආහාරපාන සහ පානීය ජලය වැනි මූලික අවශ්‍යතා කඩිනමින් ලබා දීමට පියවර ගෙන ඇත.

     

    ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් පිරිසකට වහා ම එම ස්ථානයට ගොස් අවශ්‍ය කටයුතු සොයා බලා ඉටු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන් අතර එම පිරිස එම ස්ථානය බලා ගොස් ඇත.

     

    ආපදාවට ලක් වූවන් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශත්, මහජනතාවත් මේ වනවිටත් යුහුසුළුව කටයුතු කරමින් සිටියත් තව දුරටත් එම ප්‍රදේශයේ පවතින ජලය ගලායාමේ ස්වාභාවය නිසා ආපදාවට ලක් ව සිටින ජනතාව මුදා ගැනීමේ කටයුතු මහත් අසීරුවෙන් සිදු කිරීමට සිදු වී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

     

    කෙසේ වුවද මෙම ආපදාවට ගොදුරු වූ ජනතාව සම්බන්ධයෙන් රජය ශෝකය පළ කරන අතර එම ජනතාව සඳහා ගත හැකි ඉදිරි සියලුම පියවර ගන්නා බව රජය අවධාරණය කර සිටී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya