නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම සාධක බලකායට ශ්‍රී ලංකාවෙන් 850ක්

    ඔක්තෝබර් 29, 2014
    20 වැනි වරටත් එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායට මෙරටින් 850 දෙනෙකු හයිටි රාජ්‍ය වෙත පිටත් කර යැවීමට තෝරාගෙන ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය අධක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29)  රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති  සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ඒ අනුව යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 55ක් සෙසු නිලයන් 708ක්, නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 02ක් සහ සෙසු නිලයන් 42ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 02ක් හා සෙසු නිලයන් 42ක් සහභාගිවීමට නියමිතය. මෙම පිරිස් නොවැම්බර් 13 සිට 18දක්වා කාලය තුළ හයිටි රාජ්‍ය බලා පිටත් ව යාමට නියමිතය.
     
    මෙම පිරිසේ විසිර යාමේ උත්සවය කුරුණෑගල විජයබා පාබල රෙජිමේන්තු පරිශ්‍රයේ දී සිදු කෙරේ.
     
    සාම සාධක බලකාය සඳහා ශ්‍රී ලංකාවෙන් යුද හමුදා සෙබළුන් යැවීමේ කටයුතු 1962 වසරේ දී ප්‍රථම වරට ආරම්භ කොට ඇති අතර 2004 වසරේ සිට මාස 06කට වරක් මෙසේ සාම සාධක බලකාය වෙත සෙබළුන් යැවීමේ කටයුතු නැවත ආරම්භ කළ බවත් පෙන්වා දුන් ඒ මහතා මෙම සාධක බලකාය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තු 05ට අයත් සෙබළුන්ගෙන් ජ්‍යේෂ්ඨත්වය මත පිරිස් තෝරා ගන්නා බවත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya