සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ දූෂණ මර්දන ඒකකයේ දූත පිරිසක් අද ලංකාවේ සංචාරයක

    ඔක්තෝබර් 27, 2014

    චීන රජය නියෝජනය කරමින් ජියැන්ග්සු  (Jingsu) දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂක ජෙනරාල් ඇතුළු දූත පිරිසක් අද අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියහ.

     

    පාලන සංස්කෘතිය නිවැරදි කිරීම, ගැටුම් පිළිබඳ බැඳියාව මර්දනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සහ දූෂණ මර්දන පිළිබඳ අදහස් හුවමාරුව වැනි දූෂණ නිවර්තනය හා සම්බන්ධ කරුණු එහිදී දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක් විය.

     

    දෙපාර්ශවය අතර දැනුම මූලික කොටගත් අන්‍යෝන්‍ය කරුණු ද තවදුරටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

     

    සභාපති, විනිසුරු ජගත් බාලපටබැඳි, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ගනේෂ් ආර්. ධර්මවර්ධන, චීනයේ ජියැන්ග්සු පළාතේ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා ජියැන්ග්සු දූෂණ මර්දන පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් ජියැන්ග් ලිචෙන්ස් (Jiang Lichence) ඇතුළු මහත්වරු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

     

    SDF

    DSC 3109DSC 3142

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya