සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සෑයට නිදන් වස්තු ලබා ගැනීම 22 දක්වා දීර්ඝ කෙරේ

    ඔක්තෝබර් 27, 2014

    අනුරාධපුර ඓතිහාසික සඳහිරු සෑය ගර්භයේ ශ‍්‍රී සර්වඥධාතූන් තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය නොවැම්බර් මස 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  පැවැත් වේ.


    මෙම පුණ්‍යෝත්සවයට සමගාමී ව දේශීය හා විදේශීය බැතිමතුන්ට සඳහිරු සෑය ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීමට අවස්ථාව උදා කර දී ඇත.


     
    මේ සඳහා පූජා භාණ්ඩ ලබා දීමට කැමති බැතිමතුන් එම පූජා භාණ්ඩ නොවැම්බර් 05 වන දිනට පෙර පරිත්‍යාග කරන ලෙස කලින් දන්වා සිටිය ද එම දිනය නොවැම්බර් 22 වන දින දක්වා දීර්ඝ කර ඇති බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. සඳහිරු සෑයේ ධාතු නිධානෝත්සවය සඳහා පූජා භාණ්ඩ ලබා දීම මහා පිංකමක් බවත්, එවන් අති විශාල දාගැබක් වර්තමාන ඉතිහාසය තුළ ඉදිවන ප‍්‍රථම අවස්ථාව මෙය බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.



    ඒ අනුව පාව්ච්චි නොකරන ලද රනින් හා රිදියෙන් නිර්මාණය කරන ලද පූජා භාණ්ඩ, දියමන්ති හා මැණික් වර්ග සහ පෞරාණික බෞද්ධ වටිනාකමක් ඇති පූජා භාණ්ඩ සෑය ගර්භයේ තැන්පත් කිරීමට සඳහිරු සෑය ව්‍යාපෘති භූමියේ ස්ථාපිත කර ඇති කාර්යාලය වෙත නොවැම්බර් 22 වන දින දක්වා භාර දිය හැක.


    පූජා භාණ්ඩවල වැදගත්කම සහතික කිරීමෙන් අනතුරුව පූජා භාණ්ඩ පරිත්‍යාග කළ බැතිමතුන්ට නොවැම්බර් මස 23 වන දින ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම පුණ්‍යෝත්සවය සිදුවන අවස්ථාවේදී එම පූජා භාණ්ඩ තැන්පත් කිරීමට අවස්ථාව ලබා දෙන බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි.


     ECB/DM_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya