සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ නැඟෙනහිර දෙසට වැසි වැඩිවන තත්ත්වයක් වර්ධනය වෙයි Featured

    ඔක්තෝබර් 28, 2014

    ලබන 30 වැනි දා සිට දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර කොටසේ, වැසි තත්ත්වය වැඩි වීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ගොඩනැගෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (28) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යනු ඇත.


    නැගෙනහිර සහ ඌව පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    කොළඹට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    අනුරාධපුරයට මන්නාරමට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    යාපනයට උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට ත්‍රිකුණාමලයට වැසි/ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 22.5ක වර්ෂාපතනයක් බදුල්ලෙන් ද මි.මී. 15.1ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 11.8ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 32.7ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 21.2ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 42.5ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 19.3ක වර්ෂාපතනයක් මත්තලින් ද මි.මී. 11.7ක වර්ෂාපතනයක් මොනරාගලින් ද වාර්තා වී තිබේ.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 5.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.9°C නුවරඑළියෙන් ද මි.මී. 137.0ක උපරිම වර්ෂාපතනය බණ්ඩාරවෙල, පෝනගල්ල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya