මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට බස්නාහිරින් සහ යාපනය සිට මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    ඔක්තෝබර් 23, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (23) දිවයිනට බස්නාහිරින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ යාපනය සිට ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     
    අද උදෑසන 05.30ට දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින වටා  වන අනෙක් මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.

     

    සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොර ව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක.


    සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya