අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ සමහර ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැක. දිවයින වටා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
නුවරඑළියට මහනුවරට අනුරාධපුරයට ත්‍රිකුණාමලයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.
මන්නාරමට රත්නපුරයට ගාල්ලට කොළඹට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.
යාපනයට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.
මඩකළපුවට උදෑසන වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
අද උදෑසන 5.30 වනවිට මි.මී. 93.7ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 102.0ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 56.2ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 39.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 67.4ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 80.5ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 52.1ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 11.2ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 14.3ක වර්ෂාපතනයක් රත්නපුරින් ද වාර්තා වී තිබේ.
අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.7°C පොලොන්නරුව සහ රත්නපුර ප්‍රදේශවලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.5°C නුවරඑළියෙන් ද මි.මී. 139.6ක උපරිම වර්ෂාපතනය කටුගස්තොට ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC