අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක ලේකම් මලයාසියාවේ පුත්‍රජයාහි 2014 වන ආරක්ෂක සේවා සමුළුවට Featured

    අප්‍රේල් 18, 2014

    මලයාසියාවේ පුත්‍රජයා හි 14 වන ආරක්ෂක සේවා ප්‍රදර්ශනය හා සමුළුව අදත් (18) පැවැත්වේ. පසුගිය 14 වෙනි දින ආරම්භ කරන ලද මේ සමුළුව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.

     

    ඒ අනුව පසුගිය 16 දින සමුළුව ඇමතූ ආරක්ෂක ලේකම්වරයා "රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ බලපෑම්" යන තේමාව යටතේ ලෝක ආරක්ෂාවට සිදු වන බලපෑම් පිළිබඳව දේශනය පැවැත්වීය.

     

    පසුගිය 16 දින සමුළුව ඇමතූ ආරක්ෂක ලේකම්වරයා "රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ බලපෑම්" යන තේමාව යටතේ ලෝක ආරක්ෂාවට සිදු වන බලපෑම් පිළිබඳව දේශනය පවත්වන ලදී.

     

    ශ්‍රී ලංකාවේ අත්දැකීම් පිළිබඳ ප්‍රකාශ කරමින් සමුළුව දැනුවත් කළ ආරක්ෂක ලේකම්වරයා 2009 වසරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කරන තෙක් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස කරන ලද බලපෑම් විස්තර කළේය. ඔවුන් ලෝකය පුරා දෙමළ ප්‍රජාව අතර ජාතිවාදී හැඟීම් උත්දීපනය කර රටවල් 30කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය අවශ්‍යතාවන් සපුරා ගැනීමට යොදාගත් බව පැහැදිලි කළේය.

     

    1993 සිට 2002 දක්වා වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 50 සිට 75 දක්වා ඔවුන්ගේ කටයුතු සඳහා ලබා ගෙන ඇත. 2002 සිට 2008 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් උපයා ගෙන ඇත. මුදල් ඉපැයීම සඳහා බලහත්කාරකම්, පැහැර ගැනීම්, ප්‍රයෝග, මත්ද්‍රව්‍ය ජාවාරම හා මිනිස් ජාවාරම් යොදවා ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

    මේ මුදල් යොදවා ගනිමින් රාජ්‍ය නොවන ක්‍රියාදාමයන් ශක්තිමත්ව කරගෙන යාමට කටයුතු කරමින් සිටින බවත් අද වන විට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ආදේශ කර ගනිමින් ජාත්‍යන්තරව හා ජාතිකව ද මෙය ක්‍රියාත්මක වන බව ද ඔහු පැවසීය.

     

    මේ පුහුණු ත්‍රස්තවාදීන් තම ක්‍රියාදාමයන් පවත්වා ගෙනයාම සඳහා යොදගන්නා ක්‍රමවේදයන් අධ්‍යයනය කර ඒවා මඟහැරීමට කටයුතු කළ යුතුව ඇත. අවි ආයුධ ජාවාරම ඔවුන්ගේ ප්‍රධාන ක්‍රියාදාමයකි. මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුහුදු කොල්ලකෑම් ද සිදුකරමින් පවතී. 2009 සිට 2013 දක්වා කාලය තුළ මිනිස් ජාවාරම යටතේ ප්‍රවාහනය කළ පුද්ගලයන් 4273ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදවාගනු ලැබ ඇතැයි ද ඔහු පැවසීය.

     

    මෙහිදී ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කර සිටියේ රට රටවල් අතර ක්‍රියාත්මක වන බුද්ධි අංශ හා නීතිය බලාත්මක කරන සංවිධාන අදාළ රාජ්‍ය ආයතන අතර ද්විපාර්ශවික හා අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රමවේදයක් ගොඩනගා ගනිමින් නියමිත සම්බන්ධීකරණයකින් යුතුව සටන දියත් කළ යුතු බවයි.

     

    ශ්‍රී ලංකා රජය ඔස්ට්‍රේලියා රජය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත් මිනිස් ජාවාරම නැවැත්වීමට එමඟින් කටයුතු කරමින් සිටින බවත් ඉන්දියාව හා මාලදිවයින හා එක්ව ත්‍රෛපාර්ශවික සමුද්‍රික බලවේගයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් පැවසීය.

     

    මුහුදු කොල්ලකෑම්වලට එරෙහිව කටයුතු කිරීමට සමුද්‍රික යාත්‍රා සඳහා ආරක්ෂක සේවයක් ලබාදීමට දැනටමත් ක්‍රියාකරනු  ඇත. ජාතික, කලාපීය හා ලෝක මට්ටමේ ආරක්ෂාව සඳහා නිරන්තර ක්‍රියාදාමයක අවශ්‍යතාව තවදුරටත් ආරක්ෂක ලේකම්වරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.


    මලයාසියානු රජයේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති දාතුක් අබ්දුල් රහිම් බකීර්, පෝලන්ත නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය බොගස්ලෝ විනිඩි විශේෂ ආරාධිතයන් වශයෙන් මෙම අවස්ථාව නියොජනය කර ඇති අතර මෙම සමුළුව මලයාසියාව විසින් තුන්වෙනි වරට සංවිධානය කර ඇති අතර රටවල් 50ක ආයතන 1,000ක් මෙම සමුළුවට සහභාගි වු බවද ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරයි.

     

    මේ සමුළුව මලයාසියාව විසින් තුන් වෙනි වරට සංවිධානය කරනු ලැබ තිබේ. ලොව පවත්වන ප්‍රධාන පෙළේ ප්‍රදර්ශනයක් වන මේ ප්‍රදර්ශනය ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන ප්‍රදර්ශන පහ අතරට ගැණේ. ප්‍රදර්ශනයට සමගාමීව ආරක්ෂක සමුළුව මලයාසියාවේ පුත්‍රජයා වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වයි.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya