මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන යුද නැව් දෙකක් කොළඹ වරායට

    ඔක්තෝබර් 14, 2014
    ජපාන වෙරළබඩ සේවා ආරක්ෂක බලකා නැව් දෙකක් වන "JS BUNGO" හා  "JS YAEYAMA" නෞකා දෙක සුහද චාරිකාවක් පිණිස ඊයේ (13) කොළඹ වරාය වෙත පැමිණ ඇත.
     
    එම නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා චාරිත්‍රානුකූලව පිළිගන්නා ලදී.
     
    මෙහෙයුම් ප්‍රධාන කපිතාන් කෙයිජි කොෂීඩා හා අණදෙන නිලධාරීන් වන ටකුසා සනාදා හා කියොසේ ඔමට්සු මහත්වරු ශ්‍රී ලංකාවේ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සමඟ සුහද සාකච්ඡාවකට එක්වූහ. ඔවුහු සුහදතාව දක්වමින් සාකච්ඡා පැවැත්වු අතර සිහිවටන හුවමාරු කරගැනීම ද සිදු විය.
     
    JS BUNGO මීටර් 141ක් දිගැති ටොන් 5700ක ජලෝත්පීඩනයක් සහිත නාවික නිලධාරීන් 160කගෙන් සමන්විත නෞකාවකි. 
     
    JS YAEYAMA නෞකාව මීටර් 67ක් දිගින් යුතු ටොන් 1000ක ජලෝත්පීඩනකින් යුත් නිලධාරීන් 60කගෙන් සමන්විත නෞකාවකි.
     
    මෙම නෞකා දෙක අද (14) දක්වා කොළඹ වරායේ රඳවා තැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya