මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ සංගමයේ රැස්වීම මෙවර කොළඹදී

    ඔක්තෝබර් 14, 2014

    ජාත්‍යන්තර සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ සංගමයේ (IFPSM) 42 වැනි සංවත්සරය සහ විධායක කමිටු රැස්වීම මෙවර කොළඹදී පැවැත්වීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.


    ඒ අනුව ලබන 23 සිට 25 දින දක්වා එහි විධායක කමිටු රැස්වීම සහ 42 වැනි සංවත්සරය හැඳල වත්තල ෆෙගසස් රීෆ් හෝටලයේදී පෙරවරු 9.00 සිට පැවැත්වේ. 

    මෙම සංවත්සර සැමරුමට හා විධායක කමිටු රැස්වීමට අමතරව විවිධ දේශන මෙන් ම වැඩමුළුව ද පැවැත්වීමට එහි සංවිධාකයන් තීරණය කර ඇත. ඒ යටතේ තරගකාරී සැපයුම් දාමයක් තුළින් ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීම යනුවෙන් විශේෂ වැඩමුළුවක් ද පැවැත්වීමට තීරණය කර ඇත.

    ශ‍්‍රී ලංකාව වර්තමානයේ අත්පත් කර ගෙන ඇති ආර්ථික ප‍්‍රගතිය මෙන් ම රට තුළ සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හමුවේ මෙවැනි අන්තර් ජාතික සමුළුවක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම අප ලැබූ ජයග‍්‍රහණයක් බව එම ආයතනයේ ශ‍්‍රී ලංකා නියෝජිතයින්ගේ අදහසයි.

    NDH/priu

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya