මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ශිෂ්‍යභට කණ්ඩායම් ප්‍රධානීන් නාවික හමුදාවේ මූලස්ථානයට Featured

    ඔක්තෝබර් 14, 2014

    රටවල් කිහිපයකින් පැමිණි පාසල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යභට කණ්ඩායම්වල ප්‍රධානීහු ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් මහතා සමඟ ඊයේ (13) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වූහ.


    නාවික හමුදාපතිවරයා වෙනුවෙන් එම නියෝජිත කණ්ඩායම පිළිගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඔවුන් හා සාකච්ඡා කළේය.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඔවුනට සාමාන්‍ය අවබෝධයක් ලබාදීම සඳහා හා යටගියාව, භූමිකාව හා නාවික මෙහෙයුම් කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ප්‍රසන්න මහවිතාන මහතා විසින් සිදු කරන ලදී.

    නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට එක්වූහ.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya