මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයින් සඳහා පහසු ගෙවීමේ ක්‍රමවේදය යටතේ පරිගණක Featured

    ඔක්තෝබර් 14, 2014
    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, Dell සහ e-wis පරිගණක ආයතන intel තාක්ෂණය හා එක් ව රාජ්‍ය සේවකයින් සඳහා පහසු ගෙවීමේ ක්‍රමවේදය යටතේ සහනදායී මිලට පරිගණක ලබා දීමේ "රාජ්‍ය මෙහෙවර" වැඩසටහන දියත් කිරීමේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (09) වනදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අනාගත ශ්‍රී ලංකාවේ දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් සිදු කරනු ලබන රාජ්‍ය මෙහෙවරට සවිබල එක් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සේවකයින් සඳහා සහන සැලසීමේ පුරෝගාමියා ලෙස රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මෙම වැඩසටහන හඳුන්වා දෙනු ලැබීය. රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කළේය. එහිදී රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ආරම්භ කළ මොබිටෙල් "උපහාර" පැකේජය හා දැයේ දරුවන්ගේ නැණස පෑදීම සඳහා ආරම්භ කළ "වෙබ් පාඨශාලා" වැනි ව්‍යාපෘති ලාංකේය වෙළඳපළ තුළ නව පෙරළියක් ඇති කිරීමට සමත් වූ බව විශේෂිතය.

     රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අඩු මිලට හා සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම අරමුණ කර ගනිමින් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ක්‍රියාත්මක වේ. ඒ අනුව "රාජ්‍ය මෙහෙවර" වැඩසටහන ශ්‍රී ලාංකිකයන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කරලීම සඳහා Dell සහ e-wis පරිගණක ආයතන මඟින් ලබා දීම සිදු කරනු ලබයි. රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉතා සහන පොලී අනුපාතිකයක් යටතේ පරිගණක ලබා ගැනීමට මෙහිදී හැකියාව ලැබෙන අතර අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, යාපනය, මාතර, නවම් මාවත ඇතුළු රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සියලු ම ප්‍රදර්ශනාගර වෙතින් මෙම අගනා වාසිය රාජ්‍ය සේවකයන්ට ලබා ගැනීමට හැකිය.

     විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ කළමණාකාරීත්වය, Dell සහ e-wis පරිගණක ආයතන නිලධාරීහූ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ECB

    besil3

    besil2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya