මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රජාතන්ත්‍රවාදී රටක් ‍ගොඩනැගීමේදී රජයත් පුද්ගලික අංශයත් අතර ශක්තිමත් බැඳීමක් ගොඩනඟා තිබෙනවා Featured

    ඔක්තෝබර් 14, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව ආර්ථික වශයෙන් ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ‍ගොඩනැගීමේදී රජය සහ පුද්ගලික අංශය අතර ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගැනීමට අප සමත් වී සිටිනවා.  ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ දී එම ශක්තිය අපට ආශිර්වාදයක් වී තිබෙනවා. 


    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා මෙම අදහස් පළ කළේ, "ගුණාත්මක බව වර්ධනය තුළින් ගෝලීය සමෘද්ධිය" යන තේමාව යටතේ ජාත්‍යන්තර තත්ත්ව පාලන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. 



    මෙම සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (13) පැවැත්විණ. මෙහිදී තවදුරටත් සමුළුව ඇමතු අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ, යුද්ධය නිමා වී කෙටි කාලයක් තුළ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ අපේ රට සංවර්ධනයකට ලක්වී තිබෙනවා.  ආසියාවේ දියුණු රටවල් සමඟ කරට කර සිටීමට සමත් වී තිබෙනවා.  අලුත් ම මහ බැංකු වාර්තාවට අනුව අපේ ආර්ථික සංවර්ධන වේගය 7.3% ලෙස වර්ධනය වී තිබෙනවා.


     මෙම ආර්ථික වර්ධන වේගය සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික සංවර්ධන උපාය මාර්ග, අවශ්‍ය යටිතල පහසුකම් සපයා දීම, ආයෝජක මිත්‍රශීලී බව, දේශපාලන ස්ථාවර බව, සාමය යන ප්‍රධාන කරුණු ඉවහල් වී තිබෙනවා. එමෙන් ම, ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට ගුණාත්මක බව බෙහෙවින් උපකාරී වී තිබෙනවා.  අපේ අවධානය ඒ කෙරෙහි යොමුකර, ප්‍රමුඛස්ථානය දිය යුත්තේ ගුණාත්මක නිෂ්පාදනයට යි.  ඒ තුළින් අනෙකුත් රටවල් සමඟ තරග කර ජය ගැනීමට අපට හැකි වෙනවා.

    ඒ වගේ ප්‍රධාන දෙයක් තමයි මානුෂීය ගුණාත්මක බව වර්ධනය කර ගැනීම. අධ්‍යාපනය සහ පුහුණුව තුළින් එය වඩාත් වර්ධනය කර ගත යුතුයි.  ශ්‍රී ලංකා ගුණාත්මක සහ නිෂ්පාදන වර්ධනය කර ගැනීමේ සංගමය මේ සඳහා ප්‍රධාන වී කටයුතු කිරීම සතුටට කරුණක්.  ශ්‍රී ලංකාව ගුණාත්මක පුහුණු ශ්‍රමය ඇති රටක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙන්නේ අප සැමගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. විශ්ව පුරවැසියෙක් ලෙස අපට අද සිතන්නට සිදුවී තිබෙන්නේ ලෝකයත් සමඟ තරග කිරීමට සිදුවී තිබෙන නිසයි. අද මෙතැනට සහභාගී වී සිටින ඔබ සමඟ එකතු වී සාර්ථක ගමනක් අපට යා හැකියි.


    මම හිතනවා ඔබ සැම අප රටේ ඇවිදින්න යයි. බලන්න අපේ ස්වභාව සෞන්දර්ය සහ මෑත කාලය තුළ සිදුවී තිබෙන සංවර්ධනය සහ අපගේ අත්දැකීම්. අ‍පගේ ආගන්තුක සත්කාරය. 
    මෙම අවස්ථාවට රටවල් 33ක සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් පැමිණ සිටි අතර, ශ්‍රී ලංකා තත්ත්ව සහ නිෂ්පාදන වර්ධනය කිරීමේ සංගමයේ සභාපති නිමල් පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya