අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්බිම් බලා ගිය ජනතාවට බස් හා දුම්රිය විශේෂ සේවා Featured

    අප්‍රේල් 17, 2014

    සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා ලබන 20 වැනි දා දක්වා විශේෂ බස් හා දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.



    මගීන්ගේ පහසුව සඳහා සාමාන්‍ය ගමන්වාරවලට අමතරව දුර සේවා බස් රථ 1250ක් ලබන 19 - 20 දෙදින තුළ යොදවා ඇත. මේ වෙනුවෙන් දිනපතා බස් රථ 5005ක් ධාවනයේ යොදවෙන අතර උත්සව සමයේ මගීන්ගේ ප්‍රමාණය මත බස් රථ යොදවනු ලැබේ.

    නව දුම්රිය සේවා‍ 07ක් ඊයේ (16) සිට 20 වැනි දා දක්වා යොදා ඇත. ඊයේ සිට 20 වන දින දක්වා දිනපතා සවස 4.55ට නුවර සිට කොළඹ බලා සීග්‍රගාමී දුම්රියක් ක්‍රියාත්මක වේ. ලබන 18, 20 දෙදිනෙහිත් සවස 4.45ට බදුල්ලේ සිට කොළඹ දක්වා සීග්‍රගාමී දුම්රියක් ධාවනය කෙරේ.

    ගාල්ලේ සිට මරදාන දක්වා අදත් සවස1.00ටත් සවස 5.45ටත් දුම්රිය දෙකක් ක්‍රියාත්මක වන අතර, මාතර සිට මරදාන දක්වා අද (17) සහ ලබන 18,19 සහ 20 දිනවල සවස 4.00ට සහ රාත්‍රී 7.00ට දුම්රිය දෙකක් ක්‍රියාත්මක වේ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya