මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු සම්පත් අමාත්‍යවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය

    අප්‍රේල් 14, 2014

    උදා වූ නව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවටම සුභම සුභ නව වසරක් වේවා!යි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


    මේ නව වසරේ අප සියලු  දෙනාගේ සමාජීය දියුණුව ක්‍රියාත්මක වන විවිධ ප්‍රජා සංවර්ධන වැඩසටහන් මඟින් රටේ අනිකුත් ජනතාව සඳහා වූ අයිතීන් හා වරප්‍රසාද අප වතුකරයේ වෙසෙන සියලු ජනතාව වෙතට ලබා ගැනීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම්  තොන්ඩමාන් මහතාගේ අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් වේ.


    අපේ අතීතය ආවර්ජනය කර බලන විට නුග ගසක් සේ අතු විහිදුවමින් ශක්තිමත්ව සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ දැඩි උත්සාහය හා කැපවීම මඟින් අද මේ රටේ කදුකර ජනතාව සෑම අතින්ම දියුණුවට පත් වෙමින් සිටින බව සඳහන් කරනුයේ අති ඉමහත් සතුටින් බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.


    අධ්‍යාපන, කර්මාන්ත, ජීවනෝපාය වැඩි දියුණු කර ගැනීම සඳහා රැකියා අවස්ථා හා යටිතල පහසුකම් යන සියලු අංශයන්ගෙන් අප ප්‍රජාව දියුණු වී සිටිනු දැක ගැනීම අපගේ අභිලාෂය වන බවත්, මෙම සියලු අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ශ්‍රීලංකාවේ විවිධ පළාත්වල කඩිනම් විවිධ වැඩසටහන් ආරම්භ කිරීම කාලෝචිත වන බවත් ලංකා කම්කරු කොංග්‍රසය නිකුත් කළ අලුත් අවුරුදු සුභාශිංසන පණිවිඩයේ සඳහන් වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya