අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුජන සමගිය සුහදත්වය එකසේ පළ කරන සුබ අලුත් අවුරුද්දක්

    අප්‍රේල් 14, 2014

    ඇති නැති පරතරය නොතකා, පොදුජන සමගිය සුහදත්වය එකසේ පළ කරන අලුත් අවුරුදු උදානය හදවත් මිහිරියාව ඉහළ තලයට ඔසවා තබන බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.


    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වාර්ෂික උත්සව අතර සිංහල, හින්දු ජන සමගිය තහවුරු කෙරෙන බක්මහ උළෙල දේශීය අනන්‍යතාවයේ සංස්කෘතික මංගල්‍යයයි. ජාතික වශයෙන් වැදගත් වන සිරිත්, ජන ක්‍රීඩා, කෙළි සෙල්ලම් සතුටු සාදවලින් දසත මංගල සිරියෙන් ඇළලී යන වසන්ත සැණකෙළිය ගමත් නරගයත් ඒකාත්මික කරන අවස්ථාවකි.


    තුරු ලතාවෝ මලින් පලින් බරවෙති. සත්ව සමූහයෝ පිබිදෙති. පරිසරය අමුතුම නැවුම් බවක් ගනී. සරු අස්වනු ගෙට ගැනීමෙන් අනතුරුව බක්මහේ ජයග්‍රාහී නාද නැඟෙන්නේ අලුත් අවුරුදු උදාවේ දී ය. රතිඤ්ඤා, මල් වෙඩි, උණ වෙඩි හඬ ඇසෙන සතර දිග්භාගයම ප්‍රබෝධවත්ය. රැහැයි නාදයත්, කොවුල් මිහිරියාවත්, එරබදු දෙවැටත් අලුත් අවුරුදු උදාවේ සලකුණු ලෙස එදා පෙනුණු අයුරු අපට තවමත් මිහිරි මතකයකි. උතුර දකුණ යා කරමින් තල් - පොල් දෙවැටකින් නොබෙදී යුද බිය තුරන් කළ නිදහස් මව්බිමේ අවුරුදු සතුට විඳ ගන්නට තරම් ඔබ මා පිංවන්තයෝ වූහ.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya