නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස්රථ සඳහා අයකරනු ලබන ගාස්තු සම මට්ටමකට රැගෙන ආ යුතුයි

    අප්‍රේල් 09, 2014

    පෞද්ගලික බස්රථ ධාවනයට යෙදවීමෙදී පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිවලින් අයකරනු ලබන මාර්ග බලපත‍්‍ර හා අනෙකුත් ගාස්තු එක සමාන මට්ටමක පැවතීමේ අවශ්‍යතාව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා අවධාරණය කරයි.

    මාර්ග බලපත‍්‍ර හා අනෙකුත් ගාස්තු අය කිරීමේදී පළාතෙන් පළාතට විවිධ මට්ටම් යටතේ අය කිරීම් සිදුකිරීම පිළිබඳව බස් හිමියන් විසින් අමාත්‍යවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව අමාත්‍යවරයාගේ අවධානය මේ සඳහා යොමු විය.

     

    ඒ අනුව සියලු ම පළාත් අධිකාරිවලින් එක සමාන මුදලක් අය කිරීම කළ යුතුව ඇතැයි අමාත්‍යවරයා පවසා සිටියේ ගුණාත්මක මගී ප‍්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම සඳහා ඊයේ (08) පෙරවරුවේ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සාකච්ඡාව සඳහා සියලු ම පළාත් අධිකාරීන්හි සභාපතිවරුන්, අධ්‍යක්‍ෂ ජනරාල්වරු හා සාමාන්‍යාධිකාරීවරු එක්ව සිටියහ.

     

    මෙම විෂමතාව ඉවත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට හා පළාත් අධිකාරීන්හි නිලධාරීන්ට අමාත්‍යවරයා මෙහිදි උපදෙස් දෙනු ලැබීය. ඒ අනුව ගාස්තු වශයෙන් අඩු මුදලක් අයකරන පළාත් අධිකාරීන් හඳුනාගෙන අනෙක් අධිකාරීන්හි ගාස්තුද එම මට්ටමට ගෙන ඒමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

    එමෙන්ම නගර මට්ටමින් නව බස්රථ නැවතුම්පළවල් ඉදිකිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය. මේ වනවිටත් එවැනි බස්රථ නැවතුම්පළවල් කිහිපයක් අමාත්‍යාංශ ප‍්‍රතිපාදන යටතේ ඉදිකර ඇති අතර, පළාත් අධිකාරිවල අවශ්‍යතාව මත බස්රථ නැවතුම්පළවල් අමාත්‍යාංශ ප‍්‍රතිපාදමින් ඉදිකරදීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.


    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අභීත රත්නායක, අමාත්‍යාංශ උපදේශක නිහාල් පේ‍්‍රමසිංහ, ජාතික ගමනාගමන කොමිසම් සභාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂ කේ. බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya