අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013 වාර්ෂික වර්ධනය 7.3%යි - ඒකපුද්ගල ආදායම ඩොලර් 3280යි

    අප්‍රේල් 09, 2014
    පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය 7.3% වශයෙන් වාර්තා වී ඇති අතර ඒකපුද්ගල ආදායම ඇ. ඩොලර් 3280 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව 2016 වන විට ඒකපුද්ගල ආදායම අපේක්ෂිත ඩොලර් 4,000 ඉලක්කය ඉක්මවා යාමට බෙහෙවින් ඉඩ තිබේ.
     
    මෙම සංඛ්‍යා ලේඛන ඇතුළත් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ 2013 වාර්ෂික වාර්තාව ඊයේ (08) මහ බැංකුවේ දි එහි අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් ජනාධිපති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙන ලදි.
     
    ශී‍්‍ර ලංකාවේ විදේශ විනිමය තැන්පතුව ඩොලර් බිලියන 7.5 ක වාර්තා ගත මට්ටමකට පිවිස ඇති අතර එය විදේශීක ආනයන ගෙවීම් සඳහා පස් මසකට ප‍්‍රමාණවත්ය. වසරේ මුල් කර්තු දෙකේ දි ආර්ථික වර්ධන වේගය තරමක් පහළ වැටුණු නමුත් සමස්තයක් වශයෙන් වර්ෂයේ 7.3% ක වර්ධනයක් ලැබිම සතුටුදායක බව වාර්තාව පෙන්වා දෙයි.
     
    මහ බැංකුවේ වාර්තාවට අනුව 2013 වසරේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ වර්ධනය 4.4% ක් වන අතර සේවා අංශය 6.4% කින් වර්ධනය වී ඇත. වසරේදි මිලියන 1.27 ක් සංචාරකයින් පැමිණි අතර එය 2012 වසරට වඩා 27% ක වර්ධනයකි. සංචාරක ක්ෂේත‍්‍රයෙන් රටට ලැබුණු ආදායම ඩොලර් බිලියන 1.7 කි.
     
    2013 වසරේ දී උද්ධමනය අඩු කිරීමේ සහ ද්‍රරිද්‍රතාව අවම කිරිමේ පියවරවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබී ඇත. උද්ධමනය 4.4% දක්වා පහළ බැස ඇති අතර ද්‍රරිද්‍රතාවයේ මට්ටම 6.4% කට සීමා වී ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya